දන්නවනේ කොකා කොලා. ආයි ලෝක ප්‍රසිද්ද බිමක්නේ. ඔන්න ලංකාවේ පොරකට කොකා කොලා කම්පැණියෙන් දුන්නලු ඇඩ් එකක් කරන්න.දැන් මේකට හරි හැපී.ආයි ඉතින් හෙන ප්‍රසිද්ද ඇඩ් එකක්නේ.ඔන්න ඉතින් මේකට ඇඩ් එක කරන්න හම්බ උන රට තමයි සෞදි අරාබියාව.මේකත් ලැබිච්ච චාන්ස් එක කියල ගිය සෞදි අරබියාවට.මේකා ගිහිල්ල බැලුවම මේකට ඇඩ් එක කරන්න හම්බ උනේ ප්‍රසිද්ද නගරයක තඩාර තාප්පෙක.මිනිහට තරු පෙන්න ගත්තා.මිනිහ කල්පනා කරලා බලලා මේක හරියන වැඩක් නෙමේ කියල අදින්න ගත්තා චිත්‍රයක්.මොකක්ද දන්නවද ඇන්දේ.මිනිහෙක් කාන්තාර දිගේ හති දා ගෙන ඇවිල්ල අන්තිමේ ඉන්න බැරිව බඩගාගෙන ගිහිල්ල කොකා කොලා එකක් බිල පන ගහල ප්‍රබෝදමත්ව හිනා වේවි ආයි කාන්තාරේ දිගේ දුවගෙන යනවා.
අම්මට සිරි මිනිහ ඇඩ් එක කරපු දට පහු වෙනිදා ඉදන් එක කොකා කොලා එකක් වත් විකිනෙන්නේ නැහැ.මිනිහට දැන් පොල්ලෙන් ගැහුවා වගේ. ඊට පස්සේ මිනිහට වැඩේ තේරුණා.මොකක්ද දන්නවද කේස් එක.අරාබියේ අය කියවන්නේ අනිත් අතටනේ.මේකා ඇන්ඳ ඇඩ් එක කියෝගෙන ගියාම වෙන්නේ මිනිහෙක් හිනා වේවි දුවගෙන දුවගෙන ඇවිල්ල කොකා කොලා එකක් බිල හති දා ගෙන බඩ ගාගෙන යනවා.හොදට හිටිය මිනිහ කොකා කොලා එකක් බිල බඩගාගෙන යන්න ගත්තම කව්ද අනේ ඕව බොන්නේ....
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>><<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<
ඔයගොල්ලෝ මේ කතාවට කැමති නම් share කරලා යාළුවොත් එක්කත් බලන්න......
0 comments:
Post a Comment