menu
සසුන් ගත වූ සුනිත.
Posted by
Nayana
at
Wednesday, November 16, 2011
Wednesday, November 16, 2011
වසුරු කද පසෙක ලු සුනිත වේගයෙන් දිව ගොස් පදුරකට මුව වුයේ තමන් ඉදිරියට එන අමුත්තන්ට මග ඉඩ දීමටය. එවෙලෙහි තමන් අබිමුවට වඩිමින් සිටියේ බුදුන් වහන්සේය.උන්වහන්සේ සමග තවත් බික්ෂන් වහන්සේ කීප නමක් වුහ.එහෙත් සුනිතට ඒ කිසිවක් පිළිබද වැටහීමක් නොවිය. ඔහුගේ සාමාන්‍ය පිළිවෙත වුයේ කිසි විටක කිසිවෙකුගේ ඉදිරියට නොයෑමය.අහම්බෙන් හෝ කෙනෙක් තමන් අබියසට එන්නේ නම් හේ වහාම මාර්ගයෙන් ඉවත්ව පසකට
වේ හිදී.මෙකල ඉන්දියාව කුලවාදය ඉහ වහ ගිය කළකි.කුලවතුන් හමුවේ කුලහිනයන්ට ලැබෙන දඩුවම් හිතා ගත නොහැකිය.දිනක් කුලවතෙකුට ඉඩ නොදීමේ සිද්දියකට සුනිත හට කස පාර කන්නට සිදු විය.සුනිත යනු දෑසින් නොදෙකිය යුතු දර්ශනයක් බව ඔව්න්ගේ පිළිගැනීමයි.දිනක් කුල කාන්තාවක් සුනිත දැකීමෙන් පසු කිරි කල දහයකින් න පිරිසිදු විය.මේ සියල්ල සුනිත මෙදිහත්ව ඉවසා විද දර ගත්හ.ඒ හෙතෙම කුලයෙන් පහත වුවත් උතුම් සිතීමේ හැකියාවක් ඔහු සතු විය.
සුනිත සිතන්නේ සියල්ල ඉරණම මගින් සිදුවන බවය.ඔහු මතක ඇති කාලයේ සිට මෙලස අනුන්ට බැල මෙහෙවර කරයි.සුනිත හට ගුරුවරයෙක්.මිත්‍ර සමාජයක් කිසි කලක නොවිය.විනෝදයක් නොවිය. ගහ කොළ හැර නෑයෙක් නොවිය.දනවතුන්ගේ මැදුරු වල පිටුපස ඔහුට උරුම විය.ඉවත ලන ඉදුල් බුදින්නටවත් ඔහුට වරම් නොවිය.නමුත් ඔහු වැසිකිලි කැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමේ තම රාජකාරිය අකුරටම ඉටුකළේය.ඉන් ලැබෙන මුදලින් ඔහු මහමග කල් ගත කළේය.
සුනිත වසුරු කඩ බිම දම ලහි ලහියේ දිව යනු බුදුන් දුටුහ.සුනිත සතු පින් මහිමය පසක් වූ බුදුහු සුනිත හට සරණ විය යුතු යයි කල්පනා කළහ.බුදුහු සන්සුන්ව සුනිත සැගවී සිටි පදුර දෙසට වඩින්නට විය.සුනිත හොරැහින් බුදුන්ගේ කාරුණික මුව මඩල දෙස බලන්නට විය.නෙත සිතල ගගුලක් සේ ගලන දයාවේ සිසිලස සුනිතටද දැනුනි.සුනිත සිතුවේ තමන් අතින් බුදුන් හට ගරු සරු නැති බවක් සිදු වන්නට ඇති සිත දෙපා විරි දී අසල ඇති දිය කඩිත්තට පනින්නට විය.බුදුහුද සුනිත පසු පසම වැඩියහ.
අනතුරුව බුදුහු සුනිට ඇමතිය"සුනිත ඔබ හොදටම බිය වෙලා.ම පැමිණියේ ඔබ හට පිළිසරණක් වෙන්න.ඇයිද මා මගහරින්නේ"
එවෙලෙහි සුනිත හට දෑස මෙන්ම දෙසවනද අදහාගත නොහැකි විය.
සම්පුර්ණ නොවූ ලිපියකි....
Subscribe to:
Post Comments (Atom)
pages
<--http://www,batahiraahasa.blogspot.com/-->
adBrite
Poll
Total Pageviews
Categories
- කාලින (5)
- බ්ලොග් (3)
- වෙබ් අඩවි ගැන (4)
Popular Posts
-
ඇස් දෙක තෙත් කරන්න කතාවක් රීදී පාට කළ පාතුඩු .මේ ගීතයට තේ මා වූ සංවේදී සත්‍ය කතාවක් ගීත රචකයා මැනවින් සන්නිවේදනය කර තිබෙනවා. රණවිරුවන...
-
Internet එකෙන් speed බාන්න පුළුවන් download manager එකක් තමා IDM එහෙමත් නැත්තන් internet download manager . හැබැයි මේක සල්ලි දීල ගන්න ...
-
Bookmark පාරක් දා ගෙන තියාගන්න වටිනා සයිට් එකක් www.ninite.com .මේ සයිට් එකේදී අපිට ඕන කරන software ගොඩක් එක පාර ලබා ග...
-
මෙම ලිපිය අවසානයේදී Tweeter සමාජ ජාල වෙබ් අඩවියේ Tweet බොත්තම Blog එහෙකට දාගන්න හැටි පැහැදිලි වෙයි.
-
කුමාරතුංග මුනිදාස (1887-1944) වූ කලී ශ්‍රී ලංකාවේ විසූ ප්‍රකට වාග් විශේෂඥයකු, අර්ථ කතාකරුවකු, කවියකු සහ පත්‍ර කලාවේදියකු ද වේ. ඔහු විසින් ...
-
politically correct terms පොලිටිකල් කිව්වට ඉතින් පොලිටිකල්ම නෙමේ.මේකෙන් කියන්න උත්සහ කරන්නේ ඉංග්‍රීසි බෂාවේ තියෙන වචන වල නව්‍ය ප්රවණතා ගැන...
-
හා හා හා ......... මේක පොඩි කතාවක්.ජිවිතේටනන් වැදගත් නෑ.හැබැයි ඔයා click කරලා click කරලා මහන්සි වෙලා ඉන්න වෙලේ පොඩ්ඩක් හිනා වෙන්න හොදයි.මේ...
-
මෙම ලිපිය අවසානයේදී facebook සමාජ ජාල වෙබ් අඩවියේ Like බොත්තම Blog එහෙකට දාගන්න හැටි පැහැදිලි වෙයි.
-
වසුරු කද පසෙක ලු සුනිත වේගයෙන් දිව ගොස් පදුරකට මුව වුයේ තමන් ඉදිරියට එන අමුත්තන්ට මග ඉඩ දීමටය. එවෙලෙහි තමන් අබිමුවට වඩිමින් සිටියේ බුදුන...
-
Online photo edit කරන්න කොලිටි සයිට් එකක් තමා http://fotoflexer.com/ .photo edit කරන්න soft එකක් නැති වෙලාවට මේකනම් best. මේකෙදි c...
About this blog
Labels
- කාලින (5)
- බ්ලොග් (3)
- වෙබ් අඩවි ගැන (4)
Blog Archive
Currency Converter
!-end>!-currency>

0 comments:
Post a Comment