menu

සසුන් ගත වූ සුනිත.

Wednesday, November 16, 2011


වසුරු කද පසෙක ලු සුනිත වේගයෙන් දිව ගොස් පදුරකට මුව වුයේ තමන් ඉදිරියට එන අමුත්තන්ට මග ඉඩ දීමටය. එවෙලෙහි තමන් අබිමුවට වඩිමින් සිටියේ බුදුන් වහන්සේය.උන්වහන්සේ සමග තවත් බික්ෂන් වහන්සේ කීප නමක් වුහ.එහෙත් සුනිතට ඒ කිසිවක් පිළිබද වැටහීමක් නොවිය. ඔහුගේ සාමාන්‍ය පිළිවෙත වුයේ කිසි විටක කිසිවෙකුගේ ඉදිරියට නොයෑමය.අහම්බෙන් හෝ කෙනෙක් තමන් අබියසට එන්නේ නම් හේ වහාම මාර්ගයෙන් ඉවත්ව පසකට
වේ හිදී.මෙකල ඉන්දියාව කුලවාදය ඉහ වහ ගිය කළකි.කුලවතුන් හමුවේ කුලහිනයන්ට ලැබෙන දඩුවම් හිතා ගත නොහැකිය.දිනක් කුලවතෙකුට ඉඩ නොදීමේ සිද්දියකට සුනිත හට කස පාර කන්නට සිදු විය.සුනිත යනු දෑසින් නොදෙකිය යුතු දර්ශනයක් බව ඔව්න්ගේ පිළිගැනීමයි.දිනක් කුල කාන්තාවක් සුනිත දැකීමෙන් පසු කිරි කල දහයකින් න පිරිසිදු විය.මේ සියල්ල සුනිත මෙදිහත්ව ඉවසා විද දර ගත්හ.ඒ හෙතෙම කුලයෙන් පහත වුවත් උතුම්  සිතීමේ හැකියාවක් ඔහු සතු විය.

      සුනිත සිතන්නේ සියල්ල ඉරණම මගින් සිදුවන බවය.ඔහු මතක ඇති කාලයේ සිට මෙලස අනුන්ට බැල මෙහෙවර කරයි.සුනිත හට ගුරුවරයෙක්.මිත්‍ර සමාජයක් කිසි කලක නොවිය.විනෝදයක් නොවිය. ගහ කොළ හැර නෑයෙක් නොවිය.දනවතුන්ගේ මැදුරු වල පිටුපස ඔහුට උරුම විය.ඉවත ලන ඉදුල් බුදින්නටවත් ඔහුට වරම් නොවිය.නමුත් ඔහු වැසිකිලි කැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමේ තම රාජකාරිය අකුරටම ඉටුකළේය.ඉන් 
ලැබෙන  මුදලින් ඔහු මහමග කල් ගත කළේය.

                             
සුනිත වසුරු කඩ බිම දම ලහි ලහියේ දිව යනු බුදුන් දුටුහ.සුනිත සතු පින් මහිමය පසක් වූ බුදුහු සුනිත හට සරණ විය යුතු යයි කල්පනා කළහ.බුදුහු සන්සුන්ව සුනිත සැගවී සිටි පදුර දෙසට වඩින්නට විය.සුනිත හොරැහින් බුදුන්ගේ කාරුණික මුව මඩල දෙස බලන්නට විය.නෙත සිතල ගගුලක් සේ ගලන දයාවේ සිසිලස සුනිතටද දැනුනි.සුනිත සිතුවේ තමන් අතින් බුදුන් හට ගරු සරු නැති බවක් සිදු වන්නට ඇති සිත දෙපා විරි දී අසල ඇති දිය කඩිත්තට පනින්නට විය.බුදුහුද සුනිත පසු පසම වැඩියහ.


අනතුරුව බුදුහු සුනිට ඇමතිය"සුනිත ඔබ හොදටම බිය වෙලා.ම පැමිණියේ ඔබ හට පිළිසරණක් වෙන්න.
ඇයිද මා මගහරින්නේ"

                            එවෙලෙහි සුනිත හට දෑස මෙන්ම දෙසවනද අදහාගත නොහැකි විය.

    
සම්පුර්ණ නොවූ ලිපියකි....

0 comments:

Post a Comment


pages

<--http://www,batahiraahasa.blogspot.com/-->

adBrite